spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බූරු මූණාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව ගිනි අවියක් සොයාගනී

බණ්ඩාරගම රයිගම ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ හයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙලෙස සොයාගත් CF 98 වර්ගයේ ගිනි අවිය චීනයේ නිෂ්පාදිත ආරක්ෂිත අගුළු දෙකක් සහිත 9mm වර්ගයේ උණ්ඩ 16 ක් යෙදිය හැකි විශේෂිත වර්ගයේ ගිනි අවියක් බව සඳහන්.

එය මෙතෙක් ආරක්ෂක අංශවල ද භාවිත නොකරන එකක් බවටයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

හංවැල්ල ආපන ශාලා හිමිකරු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු ඝාතන රැසක් සම්බන්ධයෙන් සිටියදී අත්අඩංගුවට ගත් සංඛ ද සිල්වා නොහොත් බූරු මූණා නමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරු අනුව සුසාන භූමියකින් මෙම ගිනි අවිය සොයාගෙන තිබෙනවා.

හංවැල්ල ආපන ආපන ශාලා හිමිකරු ඝාතනයෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොලින් විදේශගත වීම සඳහා පැමිණ සිටියදී පොලිස් අත්අඩංගුවට පත් පත් වීමෙන් අනතුරුව පළා ගොස් සැකකරු සැඟව සිටි බණ්ඩාරගම රයිගම මල් වත්ත ප්‍රදේශයේ නිවසට ආසන්න සුසාන භූමියේ මෙම ගිනි අවිය සඟවා තිබූ බව සඳහන්.

බූරු මූණා නම් සැකකරු මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක කාලයකට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටිනවා.

ඔහු රයිගම නිවසක සැඟව සිටියදී ඉතාලියේ සිටින බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ රත්ගම විදුර නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු වන විදේශ ගතව සිටින ඩිලාන් නමැත්තා දුරකථන ඇමතුමක් ලබාදී ගිනි අවිය සහ ජීව උණ්ඩ සුසාන භුමියේ ඇති බවත් නැවත දුරකථන ඇමතුමක් ලබා දෙන තෙක් එය ආරක්ෂිත ස්ථානයක තබන ලෙස උපදෙස් ලබා දී තිබූ බවටයි අනාවරණය වී ඇත්තේ.

එලෙස උපදෙස් ලබාදී ඇත්තේ තමා යොදවාගෙන තවත් ඝාතනයක් සිදු කිරීම සඳහා බවට සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
3
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?