spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බුම්රාට නායකත්වය හිමිවීම ගැන මහේල සතුටින්

සාම්ප්‍රදායිකව පිතිකරුවන් සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් විසින් ආධිපත්‍යය දැරූ ටෙස්ට් සංචිතයක නායකත්වය වේගපන්දු යවන්නන්ට ලබාදීමේ ප්‍රවණතාවය පිළිබඳව තමන් සතුටුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක මහේල ජයවර්ධන පවසනවා.

මේ වනවිට එංගලන්තයේ සංචාරයන නිරතව සිටින ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රාට ලබාදීම සම්බන්ධව අදහස් දක්වමින් මහේල මේ බව පවසා සිටියා.

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක ආරම්භක පිතිකරු රෝහිත් ශර්මාට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් බර්මින්හැම්හිදී පැවැත්වෙන එංගලන්තයට එරෙහි නැවත සැලසුම් කළ පස්වන ටෙස්ට් තරගය ඔහුට අහිමි වී ගියා.

ඒ අනුව ඉන්දියාවට ටෙස්ට් නායකත්වය දුන් පළමු වේග පන්දු යවන්නා ලෙස ජස්ප්‍රිත් බුම්රාට ඉතිහාසයට එක්වන අතර මීට පෙර වේග පන්දු යවන්නෙකු වූ කපිල් දේව ඉන්දියාවට ටෙස්ට් නායකත්වය ලබාදී ඇති අතර ඔහු සැලකෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?