බුදු පිළිමයේ වස් අරින්න කන්‍යා තරුණියක් ගෙන්වා යාගයක් පැවැත් වූ හතරක් අත්අඩංගුවට (ඡායාරූප)

බිබිල, වෑගම ප්‍රදේශයේ නිවසකට හොර රහසේ ගෙන ආ මිල කළ නොහැකි බුදු පිළිමයක වස් ඇරීමට යැයි පවසමින්
කන්‍යා තරුණියක් කැඳවාගෙන පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පෞරාණික මිල කළ නොහැකි බුදු පිළිමයේ වස් ඇරීම සඳහා යාගයක් පැවැත්වීමට අවුරුදු 18ක් වයසැති කන්‍යා තරුණියක බිබිලවත්ත ප්‍රදේශයෙන් ඔවුන් විසින් මෙලෙස කැඳවාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් සිව්දෙනා මීට පෙර අවස්ථාවකදීත් මෙම තරුණිය මෙම නිවසටම කැඳවාගෙන විත් මැණික් ගලක වස් ඇරීමට යැයි කියමින් යාගයක් පවත්වා ඇති බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී එම තරුණියට රුපියල් 25,000ක මුදලක් ද සැකකරුවන් විසින් ලබා දී ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

පොලිසියට ලද තොරතුරක් මත ඊයේ මොවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

බිබිල, වෑගම ප්‍රදේශයේ පදිංචි කපුවෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් පූජාව පවත්වමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට
ගෙන ඇති අතර, ඔවුන් අද (14) දිනයේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 28 දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම් කරපු මුදල් වෙන රටවලට ගියාද ?නිරුක්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්
12:40
Video thumbnail
වැලිගම දින 90 සුපිරි වැඩසටහන - ටොෆි කොලයක් පාරට දාන්නේ නැති සමාජයක් හදනවා
04:54
Video thumbnail
වසර 12ක් විභාග වූ ප්‍රසිද්ධ ගායන ශිල්පී චිලීගේ නඩුව අවසන් කරයි
01:12
Video thumbnail
යතුරුපැදියක් මෝටර් රථයක වැදී යතුරුපැදිකරුට බරපතළ තුවාල
01:30
Video thumbnail
අනවසර ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක්
01:29
Video thumbnail
අනවසරයෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට
00:14
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 9දෙනෙක් නාවික හමුදා භාරයට
00:38
Video thumbnail
ත්‍රිකුණාමලය නාවික හමුදාව, ගුවන් හමුදාව හදිසියේම කළ මෙහෙයුම - දැක්කමත් පුදුමයිනේ ?
01:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් කඩා ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් - කාල#න්නි ධීවර ඇමතියා - අපි ඉපදුණු ගෙවල් අම්මේ
03:34
Video thumbnail
උතුරු,නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කරන්න උපරිම ක්‍රියාමාර්ග - ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ සාකච්ඡාව
01:59