spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බුදු පිළිමයේ වස් අරින්න කන්‍යා තරුණියක් ගෙන්වා යාගයක් පැවැත් වූ හතරක් අත්අඩංගුවට (ඡායාරූප)

බිබිල, වෑගම ප්‍රදේශයේ නිවසකට හොර රහසේ ගෙන ආ මිල කළ නොහැකි බුදු පිළිමයක වස් ඇරීමට යැයි පවසමින්
කන්‍යා තරුණියක් කැඳවාගෙන පූජාවක් පවත්වමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පෞරාණික මිල කළ නොහැකි බුදු පිළිමයේ වස් ඇරීම සඳහා යාගයක් පැවැත්වීමට අවුරුදු 18ක් වයසැති කන්‍යා තරුණියක බිබිලවත්ත ප්‍රදේශයෙන් ඔවුන් විසින් මෙලෙස කැඳවාගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් සිව්දෙනා මීට පෙර අවස්ථාවකදීත් මෙම තරුණිය මෙම නිවසටම කැඳවාගෙන විත් මැණික් ගලක වස් ඇරීමට යැයි කියමින් යාගයක් පවත්වා ඇති බවට පොලිසිය විසින් කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

එහිදී එම තරුණියට රුපියල් 25,000ක මුදලක් ද සැකකරුවන් විසින් ලබා දී ඇති බවයි අනාවරණය කරගෙන ඇත්තේ.

පොලිසියට ලද තොරතුරක් මත ඊයේ මොවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව සඳහන්.

බිබිල, වෑගම ප්‍රදේශයේ පදිංචි කපුවෙකු ඇතුළු සැකකරුවන් සිව්දෙනෙක් පූජාව පවත්වමින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට
ගෙන ඇති අතර, ඔවුන් අද (14) දිනයේ බිබිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

එහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 28 දින දක්වා රක්ෂිත බණ්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?