බීමතින් රිය පදවා යකා නැටූ පොහොට්ටු අපේක්ෂකයා අත්අඩංගුවට

බීමතින් රිය පැදවීම නිසා පොලිසිය විසින් ඔහුගේ රිය නතර කළ විට, පොලිසිය සමග බහින්බස් වූ දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්‍ෂ අපේක්ෂක කුෂාන් උමයංගන පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු විසින් පොලිසියට පහර දී ඇති බවට ද චෝදනා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එම බහින්බස්වීම අතරතුර පොලිසිය තමන්ට පහර දුන් බවත්, වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහලට ඇතුළත් කරන ලෙස බලකරමින් බලහත්කාරයෙන් රෝහලට සැකකරු ගිය බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.

බීමතින් රිය පැදවූයේ නැති බවට, මෙම සැකකරු විසින් දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබුව ද, රෝහලේ දී සිදුකළ පරීක්‍ෂණවල දී හෙළි ව ඇත්තේ ඔහු මත්පැන් පානය කර ඇති බවටයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන සඳහා අත් අඩංගුවට ගත් සැකකාර පොහොට්ටු අපේක්ෂකයා තවදුරටත් පොලිස් භාරයේ රඳවාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48