බීමත් රියදුරන් සොයා විශේෂ මෙහෙයුම්

බීමත්ව රිය පදවන රියදුරන් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ බීමත් රියදුරන් සොයා සිදු කරන පරීක්ෂා කිරීම් සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පොලිස් නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බවයි.

අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කරගැනීම සඳහා කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරි පුෂ්පා රම්‍යානී ද සොයිසා කියාසිටියේ මගතොටේ මෙන්ම, නිවෙස් තුළ ගිනිකෙළි භාවිතයේදී ද සැළකිලිමත් වන ලෙසයි.

අවුරුදු සමයේ අවුරුදු ක්‍රීඩාවල යෙදීමේදී විවිධ අනතුරුවලට මුහුණ දීමේ ඉඩකඩ පවතින අතර ප්‍රවේසම් අයුරින් එම ක්‍රීඩාවල නිරත වන ලෙසට ද දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32