spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බීමත් රියදුරන් සොයා විශේෂ මෙහෙයුම්

බීමත්ව රිය පදවන රියදුරන් සොයා දිවයින පුරා විශේෂ මෙහෙයුම් සිදු කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ බීමත් රියදුරන් සොයා සිදු කරන පරීක්ෂා කිරීම් සඳහා මෙන්ම ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පොලිස් නිලධාරීන් හා බුද්ධි අංශ නිලධාරීන්ද යොදවා ඇති බවයි.

අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කරගැනීම සඳහා කටයුතු කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙන්නේ.

කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ ප්‍රධාන හෙද නිලධාරි පුෂ්පා රම්‍යානී ද සොයිසා කියාසිටියේ මගතොටේ මෙන්ම, නිවෙස් තුළ ගිනිකෙළි භාවිතයේදී ද සැළකිලිමත් වන ලෙසයි.

අවුරුදු සමයේ අවුරුදු ක්‍රීඩාවල යෙදීමේදී විවිධ අනතුරුවලට මුහුණ දීමේ ඉඩකඩ පවතින අතර ප්‍රවේසම් අයුරින් එම ක්‍රීඩාවල නිරත වන ලෙසට ද දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?