spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බිලියන 5ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි තොගයක් චීනයෙන්

චීනය විසින් ශ්‍රී ලංකාවේ පාසල් දරු දැරියන් සඳහා නිල ඇඳුම් රෙදි තොගයක් පරිත්‍යාග කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5ක වටිනාකමින් යුත් මෙම රෙදි තොගයෙන් 2023 වසර සඳහා වන මෙරට දරු දැරියන්ගේ අවශ්‍යතාවයෙන් සියයට 70ක් පමණ සපුරාලීමට හැකිවනු ඇති බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වෙන්නේ මෙම නිල ඇඳුම් රෙදි තොගයේ පළමු තොගය මේවන විට ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා පිටත්කර යවා ඇති බවයි.

එහි රෙදි මීටර් මිලියන 3ක් ඇති අතර ඒවා කන්ටේනර් 20ක අසුරා ඇති බවයි චීන තානාපති කාර්යාලය කියාසිටියේ.

මෙම නිල ඇඳුම් රෙදි තොගය රැගත් නෞකාව ලබන වසරේ ජනවාරි මස 6 වනදා කොළඹ වරායට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

China
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?