බිරිඳ සහ දරු දෙදෙනා ඝාතනය කර ඉංජිනේරුවාත් දිවි නසාගනී

31 හැවිරිදි ඉංජිනේරුවෙකු සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා ඝාතනය කර ඔහු ද සියදිවි හානිකරගත් පුවතක් ඉන්දියාවේ බැංගලෝරයේ, වයිට්ෆීල්ඩ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඔවුන් පදිංචිව සිටි නිවස තුළ දී තම බිරිඳ සහ දියණියන් දෙදෙනා ගෙළ සිරකර මරා දැමීමෙන් පසු වීරජුන විජේ නැමැති මෙම පුද්ගලයා ද සියදිවි නසාගෙන ඇති බව සඳහන්.

සිය සැමියා අතින් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බිරිඳ 29 හැවිරිදි වියේ පසුවන අතර, දියණියන් දෙදෙනා වයස අවුරුදු 02ක සහ මාස අටක වයස්වල පසුවනවා.

ඉකුත් ජූලි 31 වැනිදා මෙම අපරාධයන් සිදුව ඇති අතර, පොලිසිය මොවුන්ගේ සිරුරු සොයාගෙන ඇත්තේ ඊයේ (03) දිනයේ දී බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඝාතනයට ලක්වූ බිරිඳගේ සහෝදරයා අදාළ නිවසට ගොස් කිහිප වතාවක්ම දොරට තට්ටු කළත් කිසිවකු ප්‍රතිචාර නොදැක්වීමත් සමඟ සැකසිතී ඒ බව පොලිසියට දන්වා තිබෙනවා.

අනතුරුව පොලිසිය පැමිණ දොර කඩා නිවසට ඇතුළු වී බැලීමේ දී මෙම මළ සිරුරු හමු වූ බවයි පොලිසිය පැවසුවේ.

බිරිඳ සහ දියණියන් දෙදෙනාගේ සිරුරු නිවසේ සාලයේ තිබී සොයාගෙන ඇති අතර, ඒවායේ ගෙල සිර කළ සලකුණු ද නිරීක්ෂණය වූ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

විජය මුලින්ම ඔහුගේ බිරිඳගේ ගෙළ සිරකර පසුව දියණියන් දෙදෙනාගේ ගෙළ මිරිකා ඝාතනය කර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

ඔවුන් ඝාතනය කිරීමෙන් පසු ඔහු ද සිවිලිමේ විදුලි පංකාවක එල්ලී සිය ජීවිතය අවසන් කරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ පුද්ගලයා මෙම අපරාධයන් සිදුකිරීමට හේතුව මෙතෙන් අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42