බිරිඳ විදෙස්ගතවූ ශෝකයට සැමියා අවසන් ගමන් යයි

සිරිසමන්පුර – කරඳන ප්‍රදේශයේ පුද්ගලයෙක් ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.

ඒ තම බිරිඳ විදෙස්ගත වූ ශෝකය දරා ගැනීමට නොහැකිවයි.

මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ  37 හැවිරිදි සිරිසමන්පුර කරඳන ප්‍රදේශයේම දෙදරු පියෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ෂන කිරිඇල්ල පොලීසිය විසින් සිදු කරනු ලබනවා.