බිරිඳට කොකා ගැස්සූ සැමියා පොලිස් අත්අඩංගුවට

බදුල්ල, හිදගොඩ ප්‍රදේශයේ දී ඊයේ (31) පසවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

වයස අවුරුදු 33ක කාන්තාවක් මෙලෙස තුවාල ලබා ඇති අතර, වෙඩි වැදුණු ඇය මේ වනවිට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වුණේ.

සිය සැමියා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට මේ වනවිට කරුණු අනාවරණය වී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ 35 හැවිරිදි සැමියා වෙනත් තරුණියක් සමඟ පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවක් පිළිබඳව බිරිඳ දැනගැනීමෙන් පසු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර සැමියා බදුල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්