බිබිලේ මනුෂ්‍ය ඝාතනයක් – මුදල් ආරවුලක් දුර ගිහින්

බිබිල පොලිස් වසමේ, වෑගම ප්‍රදේශයේ පාළු ඉඩමක් තුළ ඊයේ (10) දින පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත බිබිල පොලීසිය විමර්ශන ආරම්භකර තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඌරණිය ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා සහ එම ප්‍රදේශයේම පදිංචිව සිටි තවත් පුද්ගලයෙකු සමඟ පැවති මුදල් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින් බස්වීමක දී අනෙක් පුද්ගලයා විසින් යකඩ පොල්ලකින් පහර දී මොහුව ඝාතනය කර තිබෙනවා.

ඝාතනය සිදුකළ 35 හැවිරිදි වියේ පසු වූ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිබිල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි
01:13
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් අධිකරණයට
01:00
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?
00:50
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා
01:00
Video thumbnail
ඉදිවෙන අලි පිළිමය ළඟ අමුතු අයුරින් සැරිසරණ වන අලියා - අම්මා කියලා හිතලද ?
01:37
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් දැඩි ආරක්ෂාව මැද අධිකරණයට රැගෙන ආ අයුරු
01:38
Video thumbnail
කුණු ගොඩකින් හමුවූ බෝම්බ දැක්ක කෙනෙක් සියල්ල හෙළිකරයි - STF එකත් එතනට කැඳවයි
02:05
Video thumbnail
ඇමති සමන්ත ජනපති ඉදිරියේ කළ සංවේදී කතාව - මේ ජනතාවට මේක ගෙයක් විතරක් නෙවෙයි
09:17
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56