බිබිල – මොනරාගල මාර්ගයේ බිහිසුණු රිය අනතුරක් සිදු ව තිබෙනවා.
අද (21) උදෑසන මෙම අනතුර සිදු ව ඇත්තේ බිබිල – මොනරාගල ප්‍රධාන මාර්ගයේ දී යි.
ජීප් රථයක් සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.
මෙම අනතුරින් එක ම පවුලේ තිදෙනෙකු බරපතළ තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ මව, පියා සහ දරුවා වන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
ජීප් රථයේ රියදුරු බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.













