බිත්තර මිල ගැන නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කෙරේ

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අභියාචනාධිකරණය අද (14) නියෝග කර තිබෙනවා.

ඒ එම ගැසට් නිවේදනය අත්හිටුවන ලෙස නියෝගයක් ඉල්ලා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් ගොණු කරනු ලැබූ පෙත්සම විභාගයට ගනිමිනි.

ඒ අනුව මේ සම්බන්ධයෙන් එම සංගමයේ සම ලේකම් දුමිෂ්ක සුභසිංහ මහතා මාධ්‍ය වෙත පැවසුවේ උක්ත ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය තීන්දු කර තිබෙන අතර හෙට දිනයේදී යළි නඩුව කැඳවන බවත් එහිදී තීන්දුවක් ලබාදීමට නියමිත බවත්ය.

හෙට දිනයේදී සාධාරණ තීන්දුවක් ලැබෙනු ඇති බවද ඔහු කියා සිටියා.

මේ අතර මේ වන විට රට තුළ කිසිදු බිත්තර හිඟයක් නැති බවත් ඔහු පැවසුවා.

එම ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කරා තිබුණේ පසුගිය අගෝස්තු 19 වැනිදාය.

එහිදී සුදු බිත්තරයක උපරිම මිල රු.43ක් ලෙසත් දුඹුරු බිත්තරයක මිල රු. 45ක් ලෙසත් දක්වා තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29