බැසිල් පළමුව මහ මැතිවරණයක් බලාපොරොත්තුවෙන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ (22) රාත්‍රියේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ දී පවත්වනු ලැබුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජනතාව අපේක්ෂා කරන මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයා එකඟවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පැවැත්වීමට කැමති බවයි බැසිල් රාජපක්ෂ මෙහිදී යළිත් අවධාරණය කළේ.

  1. එයා කව්ද එහෙම කියන්න. ඇමරිකානු පුරවැසියෙක් හැම ඡන්ද කාලෙම ඇවිල්ලා මෙහෙ අවුල් කරල පැදුරටත් නොකියා පැනල යනවා.