බැංගලෝරයට නව පුහුණුකරුවෙක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ, රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු තනතුරේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව එම කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස සිම්බාබ්වේ ජාතික ඇන්ඩි ෆ්ලවර් පත්කර ඇති බවයි වාර්තා වුණේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සංජේ බංගාර්ගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමත් සමඟ මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා.

එම කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ මයික් හෙසන් සහ ප්‍රධාන පුහුණුකරු බන්ගාර් යන දෙදෙනාගේම කොන්ත්‍රාත්තු සැප්තැම්බර් මාසයේ දී අලුත් කිරීමට නියමිතව තිබූ නමුත් ඡන්ද බලය ඔවුන් දෙදෙනාගෙන් ඉවත් වීමට තීරණය කළා.

ඒ, අනුව බැංගලෝර් පිළේ උප සභාපති රාජේෂ් මෙනන්, ලන්ඩනයේ දී ඇන්ඩි ෆ්ලවර් හමුවී මෙම නව තෝරාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ෆ්ලවර් පවසා ඇත්තේ බැංගලෝර් ක්‍රීඩකයින් සමඟ සහ නායක ෆාෆ් ඩු ප්ලෙසිස් සමඟ වැඩ කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

ඇන්ඩි ෆ්ලවර් මීට පෙර අයි.පී.එල්. තරගාවලිය තුළ පන්ජාබ් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කාණ්ඩයම්වල පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු හූ කිය කිය බස්වලට නගියි - නාමල්ගේ රැළියට රාජාංගනයෙන් මහ සෙනඟක්
01:15
Video thumbnail
අපේ නාමල්ට ජයවේවා..! රැළියට එන ගමන් නාමල්ට ජය ඝෝෂා නගන මිනිස්සු
01:18
Video thumbnail
පොහොට්ටුවේ රැස්වීමට බස්වලින් මිනිස්සු අදින හැටි
00:53
Video thumbnail
මහින්ද මහත්තයා අද කෙළින් එන්නේ අනුරයා එන්නේ මෙහෙක් වෙලා - රතිඤ්ඤා දාලා මිනිස්සු කෑගහලා කිව්ව දේ
00:38
Video thumbnail
අපි බස් 5කින් ‍යන ගමන් අනුරාධපුරයට - පේනවනේ කට ක#පා..සෙල්ලම්ද බ්‍රෝ සෙනඟ
02:31
Video thumbnail
නාමල් ජනපති කිරීමේ පළමු වෙ# මුරය අනුරාධපුරයෙන් - අද ජනතාව පොදි බැදගෙන එනවා
02:20
Video thumbnail
හිටපු ජනපති මහින්ද සහභාගි වෙනවා රැළියට - ක්‍රීඩාංගනයට කොහොමද මේ සෙනඟ දාන්නේ
02:59
Video thumbnail
පෞද්ගලික සමාගම් සතු බොහෝ ඉන්ධන පිරවුම්හල්වල ඩීසල් හිඟයක් - පිරවුම්හල් ඉදිරියේදී කරගෙන යන්න බෑ
05:21
Video thumbnail
කාන්තාවෝ එක පෙළට පොහොට්ටුවේ රැළියට - "මෙන්න අපි එනවා රැළියට..කාන්තාවෝ ගොඩක් එනවා"
03:33
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් අනුරාධපුරයට අපි එනවා - බෝනස් කට්ටිය කෝච්චියෙමුත් ගියා
02:23