spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බැංගලෝරයට නව පුහුණුකරුවෙක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ, රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම් ප්‍රධාන පුහුණුකරු තනතුරේ වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව එම කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස සිම්බාබ්වේ ජාතික ඇන්ඩි ෆ්ලවර් පත්කර ඇති බවයි වාර්තා වුණේ.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ සංජේ බංගාර්ගේ ධුර කාලය නිල වශයෙන් අවසන් වීමත් සමඟ මෙම නව පත් කිරීම සිදුකර තිබෙනවා.

එම කණ්ඩායමේ ක්‍රිකට් මෙහෙයුම් අධ්‍යක්ෂ මයික් හෙසන් සහ ප්‍රධාන පුහුණුකරු බන්ගාර් යන දෙදෙනාගේම කොන්ත්‍රාත්තු සැප්තැම්බර් මාසයේ දී අලුත් කිරීමට නියමිතව තිබූ නමුත් ඡන්ද බලය ඔවුන් දෙදෙනාගෙන් ඉවත් වීමට තීරණය කළා.

ඒ, අනුව බැංගලෝර් පිළේ උප සභාපති රාජේෂ් මෙනන්, ලන්ඩනයේ දී ඇන්ඩි ෆ්ලවර් හමුවී මෙම නව තෝරාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එහිදී ෆ්ලවර් පවසා ඇත්තේ බැංගලෝර් ක්‍රීඩකයින් සමඟ සහ නායක ෆාෆ් ඩු ප්ලෙසිස් සමඟ වැඩ කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි.

ඇන්ඩි ෆ්ලවර් මීට පෙර අයි.පී.එල්. තරගාවලිය තුළ පන්ජාබ් කිංග්ස් සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කාණ්ඩයම්වල පුහුණුකරුවෙකු වශයෙන් කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?