spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බාෂික් අත්අඩංගුවට නොගන්න නිකුත්කළ අතුරු තහනම දීර්ඝ කරයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 29 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (28) දින නියෝග කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නදීම් බාෂික් විසින් ගොනු කළ රිට් පෙත්සමක් අද (28) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම්කරු කියා සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.

මීට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පෙත්සම්කරු කියා සිටියා.

ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අසාධාරණ ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?