බාෂික් අත්අඩංගුවට නොගන්න නිකුත්කළ අතුරු තහනම දීර්ඝ කරයි

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 29 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (28) දින නියෝග කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා නදීම් බාෂික් විසින් ගොනු කළ රිට් පෙත්සමක් අද (28) දින කැඳවනු ලැබූ අවස්ථාවේදී අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් මහතා විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.

පෙත්සම්කරු කියා සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් තමන්ව අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.

මීට අදාළව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙන බවත් පෙත්සම්කරු කියා සිටියා.

ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අසාධාරණ ලෙස තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46