බාල සහෝදරිය ගැබිණියක් කළ සහෝදරයා රිමාන්ඩ්

තම බාල සහෝදරිය දූෂණය කර ඇයව ගැබිණියක් කළ සහෝදරයෙක් අත්අඩංගුවට ගත් බව අච්චුවේලි පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය – අච්චුවේලි ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

පසුගිය නොවැම්බර් මාසයේ දී අදාළ තරුණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ඇති අතර, එහිදී ඇය ගැබ්ගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව ඒ සම්බන්ධයෙන් යාපනය රෝහල් පොලිසිය විමර්ශනයක් සිදුකර අච්චුවේලි පොලිසියට සිද්ධිය සම්බන්ධයෙන් දැනුම්දීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකාර සහෝදරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පෙරේදා (18) මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?