බාල ඖෂධ නිසා සිදු වූ මරණ ගැන සොයන්න විශේෂඥ කමිටුවක් ඉල්ලා පෙත්සමක්

තත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදු වූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන් පස්දෙනෙකුගෙන් සමන්විත විමර්ශන කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන සහ හර්ෂණ රාජකරුණා විසිනුයි පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය, එහි සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මෙරට ඖෂධවල තත්ත්වය හා ප්‍රමිතිය ආරක්ෂා කිරීම, ඒවා ලියාපදිංචි කිරීම, ලියාපදිංචිය අවලංගු කිරීම, නිෂ්පාදනය කිරීම සඳහා අවසර දීම, මිල නියම කිරීම, ගබඩා කිරීම සදහා අවසර දීම ඇතුළු කටයුතු සම්බන්ධයෙන් වන බලය පැවරී තිබෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත බවයි.

නමුත් පසුගිය කාලයේ මෙරටට ආනයනය කරන ලද නිර්වින්දන ඖෂධ වර්ග දෙකක් හා අක්ෂි ඖෂධ වර්ගයක් හේතුවෙන් දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් රෝගී මරණ සහ රෝගීන් තුළ සංකූලතා හට ගත් අවස්ථා වාර්තා වූ බවත් පෙත්සම්කරුවන් පවසනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අදාළ ඖෂධ වර්ග භාවිතයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කළ බව ද පෙත්සමෙහි සඳහන්.

නමුත් මෙම ඖෂධ භාවිතයෙන් සිදු වූ මරණ හා රෝගී සංකූලතා සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැති බවත් එහි සඳහන් කර තිබෙනවා.

මෙම ප්‍රශ්නගත ඖෂධ වර්ගවල ලියාපදිංචිය සම්බන්ධයෙන් ද බරපතළ ගැටලු මතුවී තිබෙන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ප්‍රකාශ කරන්නේ ඒවා මෙරටට ආනයනය කිරීමේදී පිළිගත් ඖෂධ ආනයන ක්‍රමවේදය අනුගමනය කර නොමැති බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

මේ ආකාරයෙන් තත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම නිසා සිදු වූ මරණ හා රෝගී සංකූලතා තුළින් වගඋත්තරකරුවන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සිටිනවා.

ඊට අමතරව මෙම අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්වීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥයින් පස්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් නම් කරන ලෙසද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

එම විමර්ශන කමිටුව හරහා වාර්තාවක් අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසටයි පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39
Video thumbnail
පාවහන් එකලස් කිරීමේ මධ්‍යස්ථානයක් වටලයි - චීනෙන් ගෙනල්ලා වගේ රවටලා
04:20
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
08:07:02
Video thumbnail
දිවුලපිටියේ වේගවත් සංවර්ධනය ගැන මාලිමා සභාපති හෙළිකරයි - ජාවාරම්කාරයන් බහුල වුණ ප්‍රදේශයක් තිබුණේ
03:56
Video thumbnail
දළඳා වහන්සේ තැන්පත් කිරීමට ලැබුණ ස්වර්ණමය කරඬුව ගැන විශේෂ ප්‍රකාශයක්
01:36
Video thumbnail
අර්චුනා ආණ්ඩුවට දැම්ම සැර හින්ට් එක ? අඩිය ගහන්නෙත් නෑ අපි එක්ක බොන්න එන්නෙත් නෑ
00:42
Video thumbnail
සජබය හොයාගෙන ආ ප්‍රබලයින් - 22කට එරෙහිව ලොකු වැඩක් කරන්න යන්නේ
01:05
Video thumbnail
අපි 23 වෙනිදා කොළඹට ලක්ෂයක් ගේනවා..මෛත්‍රී ගුණරත්න කියයි
02:33
Video thumbnail
ලංකාවේ රජ කළ පාතාලය වෙන රටවලට දිව්වේ අපේ ආණ්ඩු කාලයේ - හැම රජයක්ම පාතාල කල්ලි කුදලන් ආවා
02:58