බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හරියි

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බ්‍රිතාන්‍ය මහ මැතිවරණය ජූලි 4 වැනිදා පැවැත්වීමට නියමිත බැවින් ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට මෙලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බවයි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් පසුගියදා පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කළ ප්‍රකාශයත් සමඟ කොන්සර්වේටිව් පක්ෂයේ ඇතැම් සාමාජිකයන් කඩිනමින් මැතිවරණයක් පැවැත්වීමට ගත් තීරණයට විරෝධය පළ කළහ.