spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රිතාන්‍ය අගමැතිගේ ජ්‍යේෂ්ඨතම අමාත්‍යවරිය ධුරයෙන් නෙරපා හැරේ

බ්‍රිතාන්‍යයේ ස්වදේශ ලේකම්වරිය ලෙස කටයුතු කළ Suella Braverman ව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ඇය ව තනතුරින් නෙරපා ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනක් විසින් බවයි වාර්තා වන්නේ.

මේ වනවිට එම තනතුරට ජේම්ස් ක්ලෙවර්ලි පත් කර තිබෙනවා.

Suella ඉවත් කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ පලස්තීනයට හිතවාදී වූ පා ගමනකට පොලිසිය එල්ල කළ විරෝධතාවට විරෝධතාවක් දැක්වීමත්; ඊට අදාළ ව බැරෑරුම් ආකාරයේ ලිපියක් නිකුත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙනුයි.

මෙම ලිපිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාගේ අප්‍රසාදය පළ වී ඇති බවත්, සිය අමාත්‍ය මණ්ඩලයේ සිටි ජ්‍යේෂ්ඨතම අමාත්‍යවරියකට මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම්දීම මේ වනවිට ලෝකයේ බොහෝ රටවල අවධානයට ලක් ව තිබෙනවා.

බ්‍රිතාන්‍ය රාජ්‍ය මාධ්‍ය හුවා දක්වන්නේ අග්‍රාමාත්‍යවරයා Suella Braverman ගෙන් කළ ඉල්ලීම ඇය විසින් පිළිගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?