බ්‍රසීලයේ ළදරු පාසැලකට සහාසික ප්‍රහාරයක්

අත් පොරවක් රැගත් පුද්ගලයෙකු ඊයේ බ්‍රසීලයේ ළදරු පාසැලකට කඩාවැදී එහි සෙල්ලම් කරමින් සිටි ළමුන් හතරදෙනෙකු ඝාතනය කර තිබෙනවා.

මෙම ඛේදවාචකය වෙනුවෙන් බ්‍රසීල රජය දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇති අතර බ්‍රසීලයේ මෑත ඉතිහාසයේ මෙවැනි බරපතල සිදුවීමක් වාර්තාවූ පළමු අවස්ථාව මෙයයි.

මෙම හදිසි ප්‍රහාරයෙන් තවත් ළමුන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර සැකකරු එසේ කිරීමට හේතුව මෙතෙක් පවසා නැහැ.

ඔහු යතුරුපැදියකින් ප්‍රාන්ත පොලිස් ස්ථානයකට ගොස් භාර වී තිබුණා.