උතුරු ඉන්දියාවේ කොරෝනා ආසාදිතව සුවය ලැබූ ළමයින් අතර බහු ඉන්ද්‍රිය ඉදිමීම හෙවත් එම්.අයි.එස්.සී. රෝගී තත්වයට ගොදුරු වූ සියයකට වැඩි පිරිසක් වාර්තාවී තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කළේ වයස අවුරුදු 4 ත් 18 ත් අතර ළමයින් අතර එම රෝගී තත්වය දක්නට ලැබෙන බවයි. ළමා රෝග විශේෂඥ වෛද්‍ය ඩිරෙන් ගුප්තා ප්‍රකාශ කර ඇත්තේ අදාළ රෝගී තත්වය වකුගඩු, පෙණහළු සහ මොළයටද බලපෑම් එල්ලවිය හැකි බවයි.













