බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් හදන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය

දිවයින පුරා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන කිහිපයක් ස්ථාපිත කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව බස් රථ, දුම්රිය, කුළී රථ සේවා වැනි ප්‍රවාහන මාධ්‍ය අන්තර් සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමේ අරමුණ සහිතව දිවයිනේ වැඩිම මගී සංසරණයක් සිදු වන බවට හඳුනාගෙන ඇති බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථාන ඒකාබද්ධ කරමින් විධිමත් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකිරීමට යටත්ව, ප්‍රමුඛතා පදනම මත පහත සඳහන් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම පිණිස වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කර ඇති බව සඳහන්.

මහනුවර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ලෝක බැංකු මූල්‍යකරණය යටතේ දැනට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත)

අනුරාධපුර (දක්ෂිණ) බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය (අනුරාධපුර ඒකාබද්ධ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නිම කිරීමට ආසන්න ව ඇත)

අනුරාධපුර (උතුර) බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ශක්‍යතා අධ්‍යයන සිදු කර මූලික කටයුතු අවසන් කර ඇත)

කොටුව දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (කොළඹ සහ කදාසන්න ප්‍රදේශ වල නාගරික ප්‍රවාහනය සම්බන්ධයෙන් සකස් කරනු ලැබ ඇති ComTrans Master Plan මඟින් යෝජනා කර ඇත)

රාගම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ජපාන ජාක්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් සිදු කරන ලද අධ්‍යයනයක් මඟින් හඳුනාගෙන ඇත)

අවිස්සාවේල්ල, ගාල්ල, කටුනායක, කුරුණෑගල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව හඳුනාගෙන ඇත)

ගම්පහ බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලසුම් අනුව සහ කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියේ දුම්රිය විද්‍යුත්කරණය යටතේ හඳුනාගෙන ඇත)

කටුනායක බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ගුවන්තොටු පොළ සංවර්ධන සැලැස්ම යටතේ හඳුනාගෙන ඇත)

කළුතර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (දිස්ත්‍රික් සම්බන්ධි කරණ කමිටුවේ යෝජනාවක් පරිදි හඳුනාගෙන ඇත)

කන්කසන්තුරය බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය (නාගරික සංවර්ධන අධිකාරියේ නාගරික සැලැස්ම යටතේ හඳුනාගෙන ඇත)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව නිසා විදුලිබිල වැඩි වුණා..දැන් ජනතාව දින්නා
03:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.22
00:00
Video thumbnail
අත්අඩංගුවට ගත් හිටපු පා.ම. ප්‍රේමලාල් ජයසේකර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට
00:50
Video thumbnail
දූෂිත ආණ්ඩුවට ආණ්ඩුවට එරෙහිව අපිත් එක්ක එකතුවෙන්න
01:30
Video thumbnail
"ක්‍රිකට් පාලන මණ්ඩලය අයින් කරලා වෙන බෝර්ඩ් එකක් දාන්න යන්නේ"මරික්කාර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
06:53
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22