spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථ දෙකක් ගැටෙයි පාසල් ළමුන් ඇතුළු 10ක් රෝහලට

අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදු වු අනතුරකින් එම බස් රථ දෙකේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු දස දෙනෙකු තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය.

(02) දින උදැසන 7.30 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය මිපිටිය ප්‍රදේශයේදිය.

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මෙසේ මුහුණට මුහුණලා ගැටි අනතුරට පත් වි තිබේ

තුවාල ලැබුවන් අතර පෞද්ගලික බස් රථයක රියදුරා සිටින බවත්ල එම මාර්ගයේ අනතුර බහලු වශයෙන් සිදු වන වංගුවක් අසල මෙම අනතුර සිදු වි ඇති බවත්ල බස් රථ දෙකම අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

එම බස් රථ දෙකේම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වල සේවය කරන සේවක සේවිකාවන් පිරිසක්ද සිට ඇති බවයි නාවලපිටිය පොලිසිය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?