spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථ දෙකක් ගැටීමෙන් 7කට තුවාල

ඇල්ල හල්පේ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද සවස බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ මෙම අනතුර සිදුවී ඇත්තේ බදුල්ල සිට කොළඹ සහ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් 4ක්, වයස අවුරුදු 3 හමාරක කුඩා දැරියක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු දෙමෝදර රෝහලට ඇතුලත් කෙරුණා.

පැවති වර්ෂාවත් සමග කොළඹ සිට බදුල්ල දක්වා ගමන් ගත් බස් රථය යේ තිරිංග යෙදීමෙන් පසු ලිස්සා ගොස් කොළඹ බලා ධාවනය වන බස් රථයේ ගැටී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

තුවාල ලැබූ කිසිවෙකුගේ හෝ තත්වය බරපතල නොවන බව සඳහන්.

අනතුර සිදුවන විට බස් රථ දෙකෙහි මගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිට තිබුණා.

බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඇල්ල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
0
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?