බස් රථ දෙකක් ගැටීමෙන් 7කට තුවාල

ඇල්ල හල්පේ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

අද සවස බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ මෙම අනතුර සිදුවී ඇත්තේ බදුල්ල සිට කොළඹ සහ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන්.

අනතුරින් තුවාල ලැබූ කාන්තාවන් 4ක්, වයස අවුරුදු 3 හමාරක කුඩා දැරියක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු දෙමෝදර රෝහලට ඇතුලත් කෙරුණා.

පැවති වර්ෂාවත් සමග කොළඹ සිට බදුල්ල දක්වා ගමන් ගත් බස් රථය යේ තිරිංග යෙදීමෙන් පසු ලිස්සා ගොස් කොළඹ බලා ධාවනය වන බස් රථයේ ගැටී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

තුවාල ලැබූ කිසිවෙකුගේ හෝ තත්වය බරපතල නොවන බව සඳහන්.

අනතුර සිදුවන විට බස් රථ දෙකෙහි මගීන් 100කට ආසන්න සංඛ්‍යාවක් ගමන් කරමින් සිට තිබුණා.

බස් රථ දෙකෙහි රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඇල්ල පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුවේ කළ පැමිණිල්ල - ධීවර ඇමති මට තිත්ත කුණුහරුපෙන් මට බැන්නා
01:03
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් කිසිම තොරතුරක් නෑ
01:48
Video thumbnail
මාර්ගය හරහා මාරුවෙන අමුත්තො
00:38
Video thumbnail
සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:01
Video thumbnail
ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:38
Video thumbnail
ඔරිජිනල් හරිනි දැන් ගෙදර..පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්නේ භූත ආත්මය - භූත ආත්මය බයවෙලා
04:05
Video thumbnail
නිරුවත් රජතුමා ගැන කියලා 22වන සංශෝධනයට උත්තර දුන්න සජිත් - දැන්වත් මේක ඉල්ලා අස් කරගන්න
12:19
Video thumbnail
නාමල්ව බොරු සාක්ෂිවලින් හිරගත කරන උත්සහයෙන් බේරලා දෙන්න - සාගර එළියට ඇවිත් නාමල් ගැන කිව්ව දේ
06:06