බස් රථයක් තුළ දී මවුලවිවරයෙක් තරුණියකගේ කෙස් වැටිය කපලා

බස් රථයක් තුළ දී තරුණියකගේ කොණ්ඩයෙන් කොටසක් කපා දැමූ මවුලවිවරයෙක් මහනුවර පොලිසිය මඟින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර – වත්තේගම මාර්ගයේ ගමන් ගත් මගී ප්‍රවාහන බස් රථයක ගමන් ගනිමින් සිටි තරුණියකගේ කොණ්ඩය සැකකාර මව්ලවිවරයා විසින් මෙලෙස කපා දමා ඇති බවයි වාර්තා වුණේ.

තමන් අසුන්ගෙන සිටි අසුනට පසුපස අසුනේ ඉඳගෙන සිටි පුද්ගලයා විසින් තම වරලසෙන් අඩියක් පමණ කොටසක් කතුරකින් කපා දැමූ බවයි මඩවල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණිය පොලිසියට පවසා ඇත්තේ.

එම අවස්ථාවේ දී තරුණියගේ කෑ ගැසීමත් සමඟ කොන්දොස්තරවරයා සහ තවත් මගීන් කිහිප දෙනෙකු විසින් සැකකාර මව්ලවිවරයා අල්ලාගෙන තිබෙනවා.

එහිදී සැකකරු බස් රථයෙන් බැස පළායාමට උත්සාහ කර ඇති අතර, බස් රථයේ දොරවල් වසා ඔහුට පැන යාමට වළක්වා ඇති බවයි වාර්තා වුණේ.

අනතුරුව බස් රථය මහනුවර පොලිසිය වෙත ධාවනය කිරීමට එහි රියදුරුවරයා කටයුතු කර ඇති අතර, අනතුරුව පොලිසිය විසින් සැකකාර මව්ලවිවරයා අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කර ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු පොලිසිය හමුවේ පවසා ඇත්තේ තරුණියගේ කොණ්ඩය කැපීම සඳහා ක්ෂණිකව ඇතිවූ සිතුවිල්ලක් මත මෙම ක්‍රියාව සිදුකළ බවයි.

සැකකරු මුරුතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45