බස්නාහිර පළාත් සංවර්ධන සැලැස්මට කැබිනට් අනුකමිටුවක්

බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ සුබානා ජුරොං සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කරන බවත්, එම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාළව නව ආයතනයක් පිහිටුවීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ ආර්ථිකයට සියයට පනහක පමණ දායකත්වයක් ලබාදෙන බස්නාහිර පළාත විධිමත් නගර සංවර්ධන සැලැස්මක් ඔස්සේ පුළුල් සංවර්ධනයකට ලක් කළයුතු බව අවධාණය කළ ජනාධිපතිවරයා අවිධිමත්ව සිදුකෙරෙන නගර සංවර්ධනය පසුව පාලනය කළ නොහැකි තත්ත්වයක් වනු ඇති බව ද පෙන්වා දුන්නා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්ම පිළිබඳ අදාළ නිලධාරීන් සමඟ ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

නැගෙනහිර පළාත සඳහා වූ සංවර්ධන සැලැස්ම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

1997 පමණ ඉන්දික ගුණවර්ධන අමාත්‍යවරයා බස්නාහිර පළාත් සංවර්ධනයට අදාළ පළමු සැලැස්ම ඉදිරිපත් කළ බව සිහිපත් කළ ජනාධිපතිවරයා අනතුරුව සිංගප්පුරුවේ සුබානා ජුරොං සමාගම 2004 වසරේ ඉදිරිපත් කළ සැලැස්ම ද ක්‍රියාත්මක නොවූ බව කියා සිටියා.

ඉන් අනතුරුව 2015 වසරින් පසුව එම සමාගම විසින් අදාළ සැලැස්ම නැවත සංශෝධනය කර ලබාදුන් අතර එම සැලැස්ම පිළිබඳ සියලුදෙනා සමඟ සාකච්ඡා කර, අවශ්‍යනම් තවදුරටත් සංශෝධන සහිතව බස්නාහිර පළාතට අවශ්‍ය මූලික සංවර්ධන සැලැස්ම පිළිබඳ කඩිනම් තීරණයකට එළැඹෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය හරහා බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිත ප්‍රධාන සංවර්ධන සැලැස්ම ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කෙරුණා.

එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ගැනීම සහ ඉඩම් පවරා ගැනීම් සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් වූ අතර, එම කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41