බසයකට මාර්ග බලපත්‍ර ගන්න GPS සහ CCTV අනිවාර්ය වෙයි

මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ ඉදිකරනු ලබන බස්රථ නැවතුම්පළවල් සඳහා අවශ්‍ය අවම නිර්ණායක සැළසුම් සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිර්ණායක සඳහා බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ද අනුමැතිය ලැබී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය කියාසිටියේ.

අදාළ ධාවන වාරය එළඹෙන තෙක් බස්රථ පාරවල් දෙපස, මග අවහිර වන සේ ගාල් කිරීමට වෙනුවට ඒ සඳහා සුදුසු ස්ථාන හඳුනාගන්නා ලෙසට ද කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

බස් රථ සඳහා මාර්ග බලපත්‍ර ලබාදීමේදී අදාළ බස්රථවල GPS තාක්ෂණය පැවතීම අනිවාර්ය කෙරෙන අතර CCTV කැමරා පද්ධතියත් පැවතීම ද ඉදිරියේදී අනිවාර්ය කිරීමටයි කාරක සභාවේ අවධානය යොමුවී ඇත්තේ.

QR කේත (QR CODE) භාවිතා කර සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීම් සඳහා ක්‍රමවේදයක් හැකි ඉක්මණින් සකසන ලෙසට ද කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

නව බස් නැවතුම්පලක් නිර්මාණය කිරීමේදී සහ ඉදිකිරීමේදී අවධානය යොමුකළ යුතු කරුණු සාකච්ජා කිරීම සහ, 2022 වර්ෂය සඳහා ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව, 2022 වර්ෂය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්ථමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සළකා බැලීම බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සිදු කෙරුණා.

ඒ එම කාරක සභාව එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමෙන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ මින් ඉදිරියට ඉදිකරනු ලබන බස්රථ නැවතුම්පළවල් සඳහා සැළසුම් කළ අවම නිර්ණායක, බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතියට ඉරිපත් කරනු ලැබුවා. එහිදී එම එක් එක් නිර්ණායක පිළිබඳව වෙන් වෙන් වශයෙන් විමසා, සාකච්ජා කර එම කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබෙනවා.

මෙම නිර්ණායක වඩාත් ප්‍රයෝගිකව භාවිතා කරමින් අදාළ බස්රථ නැවතුම්පළවල් ඉදිකිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා ඒ හා සම්බන්ධ සියලු ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් වෙත යොමු කිරීමටයි තීරණය වී ඇත්තේ.

අදාළ නිර්ණායක මගියා කේන්ද්‍ර කරගනිමින් ඔවුන්ගේ පහසුව වෙනුවෙන් සැළසුම් කර ඇති බව නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා. අබාධිත ප්‍රජාවට වඩාත් පහසුවෙන් මෙම බස්රථ නැවතුම් පළවල් පරිහරණය කරමින්, අදාළ සේවා ලබා ගැනීම සඳහා ගැසට් මගින් යාවත්කාලීන වූ කරුණු මත එම නිර්ණායක ද යාවත්කාලීන කරන ලෙසටයි සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

එම නිර්ණායක සැකසීමේදී ධාවන වාරය එළඹෙන තෙක් මග අවහිර වන සේ පාරවල් දෙපස ගාල් කර ඇති බස්රථ සඳහා සුදුසු ස්ථාන හඳුනා ගෙන එම ස්ථානවල බස්රථ ගාල් කිරීමට සැළසුම් සකස් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම බස් රථ සඳහා මාර්ග බලපත්‍ර ලබාදීමේදී අදාළ බස්රථවල GPS තාක්ෂණය පැවතීම අනිවාර්ය කරන ලෙසටයි සභාපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. කාරක සභාව සඳහා පොලිසිය නියෝජනය කරමින් සහභාගී වී සිටි පොලිස් නිලධාරීන් බස් රථවල CCTV කැමරා පද්ධති පැවතීමේ වැදගත්කම ද අවධාරණය කළා. ඒ අනුව ඉදිරියේදී CCTV කැමරා පද්ධති බස්රථ සඳහා සවිකිරීම අනිවාර්ය කිරීමට ද පියවර ගන්නා ලෙසයි සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

අධිවේගී මාර්ගවල ඉදිකිරීමේ ප්‍රගතිය හා ආදායම් තත්ත්ව පිළිබඳව ද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසා තිබෙනවා. වර්තමානය වන විට සමස්තයක් ලෙස අධිවේදී මාර්ග අලාභ ලබන බවයි නිලධාරීන් කමිටුව හමුවේ අනාවරණය කළේ. ලාභ ලබන අධිවේගී මාර්ගවලින් අලාභ ලබන අධිවේගී මාර්ග නඩත්තු කටයුතු සිදු කිරීම සිදු කරන බවත් ඔවුන් ප්‍රකාශ කළා.

දැනට පවතින සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීම් සඳහා QR කේත (QR CODE) භාවිතා කර වඩාත් කාර්යක්ෂම ක්‍රමවේදයක් හැකි ඉක්මණින් සකස් කිරීමට ද කටයුතු කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06