spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලු සුරතලෙකු නිසා මියගිය ඉරේෂා

තම අසල්වැසි නිවෙසක කාන්තාවක විසින් සුරතලයට ඇතිකරන බල්ලෙකු දුම්රියේ ගැටෙන්නට ගිය අවස්ථාවේ එම බල්ලා බේරාගැනීමට ගිය 45 හැවිරිදි දෙදරු මවක දුම්රියේ හැපී බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී මරුමුවට පත්ව ඇත.

පොලොන්නරුව, කදුරුවෙල අංක 20 ලිපිනයේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ ඉරේෂා ප්‍රසංගනී (45) යන අය මෙලෙස මියගොස් ඇත.

උදේ 8.30ට පමණ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට මෙම කාන්තාව හැපී ඇත්තේ ඇය පදිංචිව සිටි කදුරුවෙල පිහිටි නිවෙසට ආසන්නයේදීය. අසල්වැසි නිවැසියන්ට අයිති සුරතලයට ඇතිකරන බල්ලා නිවෙස පිටුපස පිහිටි දුම්රිය මාර්ගය දෙසට දිවයනු මෙම කාන්තාව දැක තිබෙන අතර ඒ අවස්ථාවේ දුම්රියක් එන ශබ්දය ඇසුණු නිසා ඇය බල්ලා බේරා ගැනීමට දුම්රිය මාර්ගයට දුවගොස් තිබෙන අතර එහිදී දුම්රියේ ගැටී තිබෙනවා.

එම අනතුරින් බරපතළ ලෙස තුවාල ලබාසිටි කාන්තාව පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියද ඇයගේ මොළය මියගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරගෙන තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?