බලු සුරතලෙකු නිසා මියගිය ඉරේෂා

තම අසල්වැසි නිවෙසක කාන්තාවක විසින් සුරතලයට ඇතිකරන බල්ලෙකු දුම්රියේ ගැටෙන්නට ගිය අවස්ථාවේ එම බල්ලා බේරාගැනීමට ගිය 45 හැවිරිදි දෙදරු මවක දුම්රියේ හැපී බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ප්‍රතිකාර ලබමින් සිටියදී මරුමුවට පත්ව ඇත.

පොලොන්නරුව, කදුරුවෙල අංක 20 ලිපිනයේ පදිංචිව සිටි වීරතුංග ආරච්චිගේ ඉරේෂා ප්‍රසංගනී (45) යන අය මෙලෙස මියගොස් ඇත.

උදේ 8.30ට පමණ කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියකට මෙම කාන්තාව හැපී ඇත්තේ ඇය පදිංචිව සිටි කදුරුවෙල පිහිටි නිවෙසට ආසන්නයේදීය. අසල්වැසි නිවැසියන්ට අයිති සුරතලයට ඇතිකරන බල්ලා නිවෙස පිටුපස පිහිටි දුම්රිය මාර්ගය දෙසට දිවයනු මෙම කාන්තාව දැක තිබෙන අතර ඒ අවස්ථාවේ දුම්රියක් එන ශබ්දය ඇසුණු නිසා ඇය බල්ලා බේරා ගැනීමට දුම්රිය මාර්ගයට දුවගොස් තිබෙන අතර එහිදී දුම්රියේ ගැටී තිබෙනවා.

එම අනතුරින් බරපතළ ලෙස තුවාල ලබාසිටි කාන්තාව පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියද ඇයගේ මොළය මියගොස් ඇති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කරගෙන තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි පාර්ලිමේන්තුව තුළ පළවෙනි වතාවට ලොකු බෝම්බයක් ප#තු කළා - මට එදා SMS ගලාගෙන ආවා
08:34
Video thumbnail
උසාවියෙන් එළියට ආපු අර්චුනා කිව්ව දේ..
00:24
Video thumbnail
මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුර ගැන ඇස් උඩයන අනාවරණයක් - රියදුරු ගන්ජා පානය කරලා
06:09
Video thumbnail
කොකේන් එක්ක කොටුවුණු විශ්ව කොඩිකාරට රු. 5000ක දඩයක්
00:39
Video thumbnail
විජේවීර ගැනත් කියලා ලාල්කාන්ත හෙළිකළ ඉතිහාසගතවන දෙය - රාජ්‍ය බලය ගැන තණ්හාවක් අපිට තියෙනවාමයි
09:58
Video thumbnail
වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිල නිවාස සංකීර්ණයට සෞඛ්‍ය ඇමති මුල් ගල් තබයි
01:53
Video thumbnail
ඉන්ධන බෙදුම්කරුවන් බලශක්ති අමාත්‍යාංශය වටලයි
04:43
Video thumbnail
රටින් පැනලා ඉන්න සෙට් එකට කොට්ටහච්චිගෙන් සැර කතාවක් - කොහේ හිටියත් නීතිය ක්‍රියාත්මකයි
02:54
Video thumbnail
අපි ගාව මැජික් එකක් නෑ - කාටවත් නීතියට වෙට්ටු දාන්න ඉඩ තියන්නේ නෑ
04:41
Video thumbnail
ලාල් කාන්ත, ප්‍රසන්න සහ ටිල්වින්ට නීතිය ක්‍රියාත්මක කරනවා
02:28