spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බලංගොඩ – හල්පේ 167 කිලෝමීටර් කණුව අවහිර වෙයි

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් කොටසක් අවහිර වී තිබෙනවා.

අද රාත්‍රියේ දී බලංගොඩ – සමනල වැව පොලිස් බල ප්‍රදේශයට අයත් හල්පේ 167 වැනි කිලෝමීටර් කණුව – සීලගම අසලිනුයි මෙලෙස අවහිර ව ඇත්තේ.

ඒ මාර්ගයට විශාල පස් කන්දක් කඩා වැටීමෙන්.

මෙම පස් කන්ද කඩා වැටීමත් සමග, මාර්ගයට ගසක් ද ඇද වැටී තිබෙනවා.

මේ හේතුවෙන් ඒ අසල විදුලි රැහැන් කිහිපයක් ද විනාශ වී ඇති අතර, ප්‍රදේශයේ ම විදුලිය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.

බලංගොඩ – සීලගම ප්‍රදේශය මේ වනවිට වාහන ගමනාගමනය කළ නොහැකි තත්ත්වයක් උද්ගත ව තිබෙන බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?