බලංගොඩ දී මනුෂ්‍ය ඝාතනයක්

තියුණු ආයුධයකින් සහ පොල්ලකින් පහර දී බලංගොඩ, බුලත්ගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (23) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 41ක පුද්ගලයෙක්.

ඝාතනය සිදුකළ සැකකරු ඊයේ (23) පස්වරුවේ මරණකරු සමඟ ආරවුලක් ඇති කරගෙන ඇති අතර, එය ප්‍රදේශවාසීන් මැදිහත්ව සමතයකට පත්කර තිබෙනවා.

අනතුරුව සැකකරු සහ ඔහුගේ පුත්‍රයා නැවතත් මරණකරු සිටි ස්ථානයට පැමිණ ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි වාර්තා වුණේ.

එම අවස්ථාවේ දී සැකකරුගේ ඥාතීන් දෙදෙනෙකු ද එම ගැටුමට පැමිණ ඇති අතර, එහිදි සැකකරු විසින් මරණකරුට තියුණු ආයුධයකින් හා පොලුවලින් පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පහරදීමට පැමිණි 68 හැවිරිදි එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධයට සම්බන්ධ සැකකරුගේ පුත්‍රයා සහ තවත් අයෙක් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය විසින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14