බරපතළ තත්ත්වයෙන් රෝහල් ගතකළ බිළිඳිය රැගෙන හෙද මව රෝහලෙන් පැන ගිහින්

බණ්ඩාරවෙල, කිණිගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින කාන්තාවක් විසින් ඊයේ (06) දින සිය වයස මාස දෙකහමාරක කුඩා දියණිය දියතලාව මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ, දියණියට අතක අමාරුවක් ඇති බව පවසමින්.

පසුව දැරිය පරීක්ෂාකර ඇති වෛද්‍යවරුන්ට ඇයගේ වම් අතේ උරහිස කොටස දැඩි ලෙස හානි සිදුව ඇති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

ඊට අමතරව දැරියගේ උකුල් ඇටවලට දැඩි හානි සිදුව ඇති බවයි නිරීක්ෂණය වී ඇත්තේ.

එය ස්වභාවික ලෙස සිදුවිය නොහැකි හානි බැවින් ඒ අධිකරණ වෛද්‍යවරයා විසින් මව සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ දී එම කාන්තාව සහ ඇයගේ ස්වාමිපුරුෂයා රෝහලට ඇතුළත් කර සිටි කුඩා දියණිය ද රැගෙන රෝහලින් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව මේ සම්බන්ධයෙන් රෝහල විසින් බණ්ඩාරවෙල පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර, රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ දැරිය ඒ වනවිටත් බරපතළ තත්ත්වයෙන් සිටි බවයි.

අදාළ කාන්තාව උතුරු කොළඹ ප්‍රදේශයේ රජයේ රෝහලක සේවය කරන හෙදියක් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56