බයිසිකලයෙන් ගංජා ඇද්ද අයෙක් අත්අඩංගුවට

යතුරු පැදියකින් ගංජා ප්‍රවාහනය කළ අයෙක් තණමල්විල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් බලහරුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා යතුරු පැදියකින් වියළි ගංජා කිලෝග්‍රෑම් නවයයි ග්‍රෑම් පන්සීයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

මොහු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ අටකට ආසන්න බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්
01:28
Video thumbnail
"ඔයාලා වගේ ඩබල් ගේම් ගහන්නේ නෑ..බයිලා ගහන්න එන්න එපා"බේරුවල ප්‍රා. සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.
05:07
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.03.24
00:00
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට රිදෙනවා ඇති - ආණ්ඩුවේ පදයට නටන්න එන්න එපා
04:00
Video thumbnail
මුජිබුර්ගෙන් සැර සත්තමක් - යුද්දෙ අස්සේ සුද්දෙ දාන කළු කඩ මුදලාලිලා වෙන්න එපා
07:15
Video thumbnail
මැතිනිගේ ක්‍රමයේ ගියා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
02:55
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - දරාගන්න අමාරුයි
05:10
Video thumbnail
පොලිස්පති මගේ යාළුවා - තුවක්කුවලට මන් බය නෑ සර්
03:19
Video thumbnail
බේරුවල ප්‍රාදේශීය සභාවේ අදත් ලොකු වලියක් - මාලිමා මන්ත්‍රීව දොට්ට දායි
02:49
Video thumbnail
රනිල්ගේ උපන්දිනය මිනිස්සු කිරිබත් කාලා ජයටම සැමරූ හැටි
03:03