බඹර ප්‍රහාරයට ලක්ව පාසලක සිසුන් 40ක් රෝහල් ගතකෙරේ

දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් ලිලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසුන් පිරිසකට අද (04) උදෑසන බඹරු දෂ්ට කිරීමෙන් හතළිහකට ආසන්න සංඛ්‍යාවක් අරලගංවිල රෝහලට ඇතුලත් කර ඇති බව අරලගංවිල පොලිසිය පවසනවා.

බඹරු දෂ්ට කිරීමෙන් විද්‍යාලයේ විදුහල්පතිනිය ද රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

විද්‍යාලයේ ගොඩනැගිල්ලක් තුළ බඹර කූඩු කිහිපයක් තිබී ඇති අතර එම බඹරුන් ඇවිස්සි, සිසුන් මෙම බඹ ප්‍රහාරයට ගොදුරු වී ඇති බව පොලිසිය පවසනවා.

පසුව මේ පිළිබඳව විදුහල්පතිවරිය පොලිසිය සහ අරලගංවිල විශේෂ කාර්ය බළකාය දැනුවත් කොට ඇති අතර විශේෂ කාර්ය බලකාය සහ පොලිසිය එක්ව බඹර ප්‍රහාරට ගොදුරු වු සිසුන් අරලගංවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්ති ව්‍යාපෘතිවලට දාලා තියෙන තහංචි අයින් කරන්න - සජිත් රජයෙන් කළ ඉල්ලීම
01:46
Video thumbnail
ජලභීතිකා නව පනත තුළින් සිදුවන ගැටලු ගැන සජිත් හෙළිකරයි - තවත් සංශෝධනය කරන්න එපා
05:50
Video thumbnail
රුමේෂ්ගේ ජයග්‍රහණය ගෙදර අය කෑගහලා සමරපු හැටි - සතුටට කට්ටිය රතිඤ්ඤත් දායි
01:36
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54