ලොහාන් රත්වත්තේ ඇප මත නිදහස් (වීඩියෝ)

බීමත් ව රිය පදවා අනතුරක් සිදු කිරීමේ චෝදනාවට පසුගියදා අත්අඩංගුවට ගැනුණු හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාව ඇප මත නිදහස් කර තිබෙනවා.

අද (09) දහවල් හිටපු අමාත්‍යවරයා ව අදාළ නඩුව සඳහා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ව නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළා.

බන්ධනාගාර නිලධාරීන් විසින් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ව අධිකරණයට ගෙන ආ අතර එහිදී අගතියට පත් පාර්ශ්වය සහ විත්තිකාර පාර්ශ්වය අතර වූ එකඟතාවක් මත අධිකරණය ඇප නියම කළ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

බීමතින් ජීප් රථයක් පදවා කොල්ලුපිටිය හන්දියේ දී මෝටර් රථයක හප්පා අනතුරක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ව දෙසැම්බර් 07 වැනිදා අත් අඩංගුවට ගැනුණු අතර අද (09) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ලොහාන් රත්වත්තේ මහතා ඥාතී නිවසකට ගොස් නැවත කොටුව බලා ජීප් රථයෙන් ගමන් කිරීමේ දීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

කොල්ලුපිටිය පොලිසියට ලද පැමිණිල්ලක් මත පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සිදුකළ විමර්ශනවල දී හෙළි ව ඇත්තේ ලොහාන් රත්වත්තේ මහතා බීමතින් සිට ඇති බවයි.

එහිදී ඔහු ව අත්අඩංගුවට ගෙන ජීප් රථය ද පොලිසියට රැගෙන ආවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33