බබාගේ කෝල් එකට සොහොන ගාවට ආ තරුණයෙක්ට වෙඩි

අහුන්ගල්ල පොලිස් වසමේ බලපිටිය රේවත ප්‍රාථමික විද්‍යාලය අසල දී ඊයේ (17) රාත්‍රියේ එල්ල වූ වෙඩි තැබීම මේ වනවිට විදේශගත ව සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුහත් නදීෂ් කුමාර ආබ්‍රේව් නමැත්තාගේ දූරකථන ඇමතුමට ආ පුද්ගලයෙකු ව ඉලක්ක කරගෙන සිදු වූවක් බව වාර්තා වනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම වෙඩි තැබීම ඊයේ රාත්‍රී 09.35ට පමණ සිදු ව ඇත්තේ ත්‍රීරෝද රථයකින් ආ වෙඩික්කරුවෙකු විසින් බවයි.

වෙඩික්කරු විසින් මිලිමීටර් 09 වර්ගයේ ගිනි අවියකින් තුවාලකරුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

තුවාලකරු හට ‘බබා’ නොහොත් නදීෂ් කුමාර නමැත්තා විසින් දූරකථන ඇමතුමක් ලබා දී කියා ඇත්තේ රේවත කනිෂ්ඨ විද්‍යාලය අසල පිහිටි සොහොන අසලට පැමිණෙන ලෙසටයි.

ඒ අනුව අදාළ තුවාලකරු එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදියි මෙම වෙඩි ප්‍රහාරයට ඔහුව ගොදුරුව ඇත්තේ.

වෙඩි වැදීමෙන් ඔහුගේ උදර ප්‍රදේශයට තුවාල සිදු වුව ද ඒවා බරපතළ නොවන බවත් වාර්තා වනවා.

මේ වනවිට තුවාලකරු වන 27 හැවිරිදි ලක්ෂාන් මධුසංඛ මුණසිංහ නමැත්තා ප්‍රතිකාර සඳහා බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46