spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බන්ධනාගාර නියාමකගේ ගෙදරට පැන පහරදුන් සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසකට ඇතුළු වී නිවැසියන් බියගන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස් දෙනෙකුගෙන් ලද තොරතුරුවලට අනුව අදාළ සැකකරු ඊයේ (01) බියගම, සපුගස්කන්ද මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙක්.

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු මිනුවන්ගොඩ පොලිසිය වෙත භාරදිමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරු අද (02) දිනයේ දී මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඩුබායි හි සැඟව සිටින අපරධ කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවිම මත මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?