බන්ධනාගාර නියාමකගේ ගෙදරට පැන පහරදුන් සිද්ධියේ තවත් අයෙක් අත්අඩංගුවට

මිනුවන්ගොඩ ප්‍රදේශයේ බන්ධනාගාර නියාමකවරයෙකුගේ නිවසකට ඇතුළු වී නිවැසියන් බියගන්වා පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවශ්‍යව කර සිටි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස් දෙනෙකුගෙන් ලද තොරතුරුවලට අනුව අදාළ සැකකරු ඊයේ (01) බියගම, සපුගස්කන්ද මාර්ගයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙක්.

මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරු මිනුවන්ගොඩ පොලිසිය වෙත භාරදිමටයි කටයුතු කර ඇත්තේ.

සැකකරු අද (02) දිනයේ දී මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

ඩුබායි හි සැඟව සිටින අපරධ කල්ලි සාමාජිකයෙකුගේ මෙහෙයවිම මත මෙම පහරදීම සිදුකර ඇති බවට විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25