spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බන්ධනාගාරවල ධාරිතාවය ඉක්මවයි

දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම 2022 වර්ෂයේ ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැඳවියන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

2022 වර්ෂයේ මේ වන විට මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනාවලට ලක් වී බන්ධනාගාර ගත වී ඇති සිරකරුවන් හා සැකකරුවන් ප්‍රමාණය සමස්ථ රැඳවියන්ට සාපේක්ෂව සියයට 50% ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව, 2022.11.25 දින වන විට සමස්ථ බන්ධනාගාර පද්ධතිය තුල රැඳවියන් 26,000 කට වැඩි ප්‍රමාණයක් රඳවා ඇති බවයි පැවසෙන්නේ.

ඉන් 62%ක්ම සැකකරුවන් වනවා. එම ප්‍රමාණය 16,000කට අධිකයි. මෙලෙස බන්ධනාගාර ගතවූවන්ගෙන්, 2021 වර්ෂ‍යේ බන්ධනාගාර ගතවූ රැඳවියන් අතරින් 74% ප්‍රමාණයක් බන්ධනාගාර ගතවී ඇත්තේ මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනාවන්වලටයි.

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන්ගෙන් 65%ක්ම සැකකරුවන්. දිවයින පුරා පිහිටි බන්ධනාගාර තුළ රැඳවිය හැකි උපරිම රැඳවියන් ප්‍රමාණය 13,200 පමණ වුවත් දැනට බන්ධනාගාර තුළ උපරිම ධාරිතාවය මෙන් දෙගුණයක් රැඳවියන් රඳවා ඇති අතර, ඇතැම් බන්ධනාගාර තූළ මෙම ධාරිතාවය සියයට තුන්සියයක සීමාව ද ඉක්මවා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?