බන්ධනාගාරයේ සිට මෙහෙය වූ මත්%ද්‍රව්‍ය ජාවාරමක්

බන්ධනාගාරගතව සිටින ක්ලෙමන්ට් ගුණරත්න නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මෙහෙයවන ලද මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

අදාළ ජාවාරම මෙහෙයවන ලද 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසු එම තොරතුරු අනාවරණය කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

ක්ලෙමන්ට් ගුණරත්න නමැති පුද්ගලයා ඉන්දීයාවේදී මියගිය බවට පැවසෙන පාතාල කල්ලි සාමාජික “අංගොඩ ලොක්කාගේ“ ගෝලයෙකු බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,

 “අද දෙමටගොඩ ප්‍රදේශයේ දී සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඔහු සතුව තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සොයාගෙන තිබෙනවා. ඔහු එම මත්ද්‍රව්‍ය මෝටර් රථයකින් ප්‍රවාහනය කරන අවස්ථාවකදී දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම කළුතර බන්ධනාගාරයේ සිටින එක්තරා ජාවාරම්කරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට තොරතුරු ලැබිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කොළඹ අපරාද කොට්ඨාසය විසින් විමර්ශන සිදුකරනු ලබනවා. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත්කර දින 7ක රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් විමර්ශනය කරනවා.“

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09