බදු සංශෝධනයකට පාකිස්තානය කළ ඉල්ලීම IMF ප්‍රතික්ෂේප කරයි

මූල්‍ය වර්ෂයේ මුල් මාස හතර තුළ ආදායම් හිඟය පවතින පසුබිමක, ආදායම ඉහළ නැංවීම සඳහා තවත් පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පාකිස්තානයෙන් ඉල්ලා තිබෙනවා.

මීට අමතරව, බදු ඉලක්කය සමාලෝචනය කරන ලෙස පාකිස්තානය කළ ඉල්ලීම ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතික්ෂේප කර ඇතැයි මාධ්‍ය වාර්තා කළා.

ෆෙඩරල් ආදායම් මණ්ඩල ආරංචි මාර්ග උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කළේ බදු ඉලක්කය සමාලෝචනය කිරීම සඳහා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතථ්‍ය රැස්වීමකදී ඉල්ලීමක් කළ නමුත් ණය දෙන ආයතනය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

ආදායම් හිඟය හමුවේ IMF පැකේජයේ දෙවන වාරිකය ලබා ගැනීමේදී රටට දුෂ්කරතාවන්ට මුහුණ දිය හැකි බව අදාළ ආරංචි මාර්ග පෙන්වා දී තිබෙනවා.

එබැවින් ඉදිරි මාසවල හිඟය ගණනය කිරීමෙන් පසු ආදායම වැඩි කර ගැනීමට රජය පියවර ගත යුතු වනවා.

කෙසේවෙතත් ෆෙඩරල් ආදායම් මණ්ඩලය මෙම වාර්තා ප්‍රතික්ෂේප කර තිබූ අතර IMF සමග පැවති කිසිදු සාකච්ඡාවක දී මෙම කාරණා න්‍යායය පත්‍රයේ නොතිබූ බව අවධාරණය කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14