බදු බරට එරෙහි ව පාකිස්තානය පුරා විරෝධතා

ඉදිරි මුදල් වර්ෂයේ දී බදු සහ විදුලි මිල වැඩි කිරීමට රජය ගත් තීරණයට එරෙහි ව රටේ සියලුම ප්‍රධාන නගරවල වෙළඳුන් විරෝධතා ආරම්භ කර තිබෙනවා.

ඉස්ලාමාබාද් හි දී, සමස්ත පකිස්තාන අන්ජුමන්-ඊ-ටජිරාන් සංවිධානයේ කැඳවීමට ප්‍රතිචාර දක්වමින් වෙළෙන්දෝ, ප්‍රධාන මාර්ගය අවහිර කරමින් දැවැන්ත විරෝධතාවක් පැවැත්වූවා.

පෙළපාලිකරුවන් විසුරුවා හැරීමට විශාල පොලිස් නිලධාරීන් පිරිසක් යොදවා තිබුණා.

රජයට එරෙහි ව සටන් පාඨ කියමින් විරෝධතාකරුවන් බැනර් අතැතිව විදුලි බිල්පත් රැගෙන විරෝධතාවයේ නිරත වුණා.

“මෙය තනිකරම වෙළඳුන්ගේ විරෝධතාවකි; කිසිදු දේශපාලන පක්ෂයකට එයට හිමිකම් පෑමට ඉඩ නොදේ,” යැයි විරෝධතාවයේ සංවිධායකයින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා.

විරෝධතාකරුවන් පවසන්නේ විදුලි බිල මත බදු වර්ග 13ක් පනවා ඇති බවයි.

කයිබර්-පක්තුන්ක්වා, කරච්චි, බලුකිස්තාන් සහ සින්ද්හි ව්‍යාපාරිකයන් ද විරෝධතා පවත්වනවා.

රාවල්පින්ඩි හි ⁣ව්‍යාපාරිකයන් සංකේතාත්මක ලෙස පස්වරු 4ට වෙළෙඳසැල් වසා විරෝධතාවට එක් වුණා.

මේ වන විට විරෝධතාවලින් තොර දිස්ත්‍රික්කයක් පාකිස්තානයේ සොයා ගැනීමට නැතැයි පාකිස්තාන් ටුඩේ වෙබ් අඩවිය වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18