spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බදු නඩු ඇසීමට වෙනම අධිකරණයක් – මුදල් රාජ්‍ය ඇමති (වීඩියෝ)

දැනට බදු අයකර ගැනීමේදී පවතිව දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකසා බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් සකසා ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එලෙස සකසා ඇති වැඩපිළිවෙල ලබන සතියේ දී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී අද (28) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

බදු ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වසර ගණනාවක සිට ඇදි ඇදී පැවතින රැමිස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් විද්‍යුත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම බදු කටයුතු සඳහා පවතින නීතිමය කටයුතු වෙනුවෙන් වෙනම අධිකරණයක් නොතිබීම හේතුවෙන් විශාල ප්‍රමාදයක් පවතින බවයි ඔහු මෙහිදී පෙන්වා දුන්නේ.

ඒ, අනුව බදු කටයුතු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමට යෝජනා කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

https://youtu.be/wmJNRiuuEV4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?