spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බදුල්ලේ ගිය රාත්‍රී තැපැල් දුම්රියට ගල් පර්වතයක් කඩා වැටෙයි (ඡායාරූප)

කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියට අද (17) අලුයම පස් සමඟ විශාල ගල් පර්වතයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ සහ දියතලාව යන දුම්රිය ස්ථාන අතර මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

රාත්‍රී තැපැල් දුම්රිය අද (17) අලුයම හපුතලේ දුම්රිය ස්ථානය පසුකර දියතලාව දුම්රිය ස්ථානය දෙසට ධාවනය වෙමින් තිබිය දී සැතපුම් 156/13 කණුව අසල දී එක්වරම කඳු මුදුනේ තිබූ විශාල ගල් පර්වතයක් පස් සමඟ ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රිය මතට වැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙම අනතුරින් කිසිවකුට හානියක් සිදුව නැහැ.

402207339 6324614234306394 1797185028497721150 n 1
402283331 6324613357639815 5487804172196724646 n 1
402213842 6324611610973323 322108580924421462 n 1
402395656 6324611450973339 1865134136446776978 n 1
402641104 6324611130973371 1448937577635341491 n 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?