spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බදුල්ලම කම්පා කරවමින් දියණියන් තිදෙනාට වස පොවා මවක් වස බොයි

ජීවත්වීමට ඇති ආර්ථික අපහසුතා හේතුවෙන් සිය දියණියන් තිදෙනාට වස පානය කිරීමට සලස්වා මවද වස පානය කළ ඛේදනීය පුවතක් බදුල්ල වේවැල්හින්න වතුයායෙන් වාර්තා විය. ඇයගේ සැමියා ද මානසික රෝගයකින් පෙළෙන අයෙකි.

එලෙස වස පානය කර ඇත්තේ 31 හැවිරිදි මවක්, 7, 5 සහ සිව් හැවිරිදි දියණියන් තිදෙනෙකි.

කෙසේ නමුත් ප‍්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් බදුල්ල රෝහලට ඇතුළත් කෙරුණු ඔවුන් සියලූදෙනා බේරාගන්නට වෛද්‍යවරුන් සමත්වී තිබුණි.

බදුල්ල මහ රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයේ ස්ථාන භාර වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවසුවේ ‘වාසනාවකට මොවුන් සිව් දෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවෙන බවය. මේ අය දින කිහිපයකින් ආහාරපාන ලබාගෙන තිබුණේ නෑ. තේවලට වස කලවම් කරලා තමයි මව දියණියන් තිදෙනාට දීලා තිබුණේ. වාසනාවකට වැඩි මාත‍්‍රාවක් ශරීරගතවෙලා තිබුණේ නෑ’ යනුවෙනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?