බණ්ඩාරගම දිසා රෝහලේ බාහිර රෝගී අංශයේ ලැප්ටොප් දෙක සොරාගෙන

බණ්ඩාරගම දිසා රෝහලේ බාහිර රෝගී අංශයේ තිබූ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක දෙකක් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

ප්‍රතිකාර සඳහා පැමිණෙන බාහිර රෝගීන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට භාවිත කළ මෙම ලැප්ටොප් යන්ත්‍ර දෙක සොරාගැනීම හේතුවෙන් මේ වන විට රාජකාරීවලට බරපතළ ගැටලුවක් වී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙක නොමැති බවට පසුගිය සිකුරාදා එහි කනිෂ්ඨ සේවකයෙකු දැනගෙන ඒ පිළිබඳව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම රෝහලේ දේපළ අස්ථානගත වී තිබූ අතර, එම සොරකම්වලට අදාළ කිසිඳු සැකකරුවෙක් සොයා ගැනීමට හැකි වී නැහැ.

සිදුවී ඇති මෙම සොරකම රෝහල් අභ්‍යන්තර පුද්ගලයකුගේ සහායක් නොමැතිව සිදු කිරීමට කිසිසේත් නොහැකි බවයි රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳ බණ්ඩාරගම දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ. පි. සුබසිංහගෙන් විමසීමේ දී ඔහු පැවසුවේ මෙවැන්නක්.

“පැහැදිලිවම සොරකමක් වෙලා තියෙනවා. රෝහලේම යම් සේවකයෙක් හෝ සේවිකාවක් පිටස්තර පුද්ගලයෙක් මෙම සොරකම සිදුකර තිබුණත් ඔහුට අභ්‍යන්තරයේ යම් කිසිවෙකුගේ සහයක් නොමැතිව සිදුකිරීමට කිසිසේත්ම බැරි බවයි මගේ අදහස. මීට පෙර ද සොරකම් කීපයක්ම සිදු වුණා. මේ පිළිබඳවත් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගත්තා. විශේෂයෙන් රෝහලක් වැනි ස්ථානයක මෙවැනි සොරකම් වෙන්න කිසිසේත්ම ඉඩ දෙන්න බැහැ, අදාළ අංශ කඩිනමින් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරීන්ට ලිඛිතව දැනුම්දීමට ද පියවර ගත්තා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48
Video thumbnail
නාමල් රිමාන්ඩ් කිරීම නිසා කළුතර ප්‍රාදේශීය සභාව උණුසුම්
01:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල
00:35
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ල - තුවාල ලැබූ අයෙක් රෝහලට..මෙන්න එහි නවතම දර්ශන
00:39
Video thumbnail
වන අලි ප#රදීමකින් පුද්ගලයෙක් එතනම එළොව යයි - අපිට හරි වේදනයි..අපි මේවා දාලා කොහෙද යන්නේ ?
08:19