spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බණ්ඩාරගම දිසා රෝහලේ බාහිර රෝගී අංශයේ ලැප්ටොප් දෙක සොරාගෙන

බණ්ඩාරගම දිසා රෝහලේ බාහිර රෝගී අංශයේ තිබූ රුපියල් ලක්ෂ අටක් පමණ වටිනා ලැප්ටොප් පරිගණක දෙකක් සොරාගෙන ගොස් ඇති බව වාර්තා වනවා.

ප්‍රතිකාර සඳහා පැමිණෙන බාහිර රෝගීන්ගේ තොරතුරු ඇතුළත් කිරීමට භාවිත කළ මෙම ලැප්ටොප් යන්ත්‍ර දෙක සොරාගැනීම හේතුවෙන් මේ වන විට රාජකාරීවලට බරපතළ ගැටලුවක් වී ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ලැප්ටොප් පරිගණක යන්ත්‍ර දෙක නොමැති බවට පසුගිය සිකුරාදා එහි කනිෂ්ඨ සේවකයෙකු දැනගෙන ඒ පිළිබඳව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා වෙත දැනුම් දී තිබෙනවා.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම රෝහලේ දේපළ අස්ථානගත වී තිබූ අතර, එම සොරකම්වලට අදාළ කිසිඳු සැකකරුවෙක් සොයා ගැනීමට හැකි වී නැහැ.

සිදුවී ඇති මෙම සොරකම රෝහල් අභ්‍යන්තර පුද්ගලයකුගේ සහායක් නොමැතිව සිදු කිරීමට කිසිසේත් නොහැකි බවයි රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳ බණ්ඩාරගම දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේ. පි. සුබසිංහගෙන් විමසීමේ දී ඔහු පැවසුවේ මෙවැන්නක්.

“පැහැදිලිවම සොරකමක් වෙලා තියෙනවා. රෝහලේම යම් සේවකයෙක් හෝ සේවිකාවක් පිටස්තර පුද්ගලයෙක් මෙම සොරකම සිදුකර තිබුණත් ඔහුට අභ්‍යන්තරයේ යම් කිසිවෙකුගේ සහයක් නොමැතිව සිදුකිරීමට කිසිසේත්ම බැරි බවයි මගේ අදහස. මීට පෙර ද සොරකම් කීපයක්ම සිදු වුණා. මේ පිළිබඳවත් බණ්ඩාරගම පොලිසියට පැමිණිලි කිරීමට පියවර ගත්තා. විශේෂයෙන් රෝහලක් වැනි ස්ථානයක මෙවැනි සොරකම් වෙන්න කිසිසේත්ම ඉඩ දෙන්න බැහැ, අදාළ අංශ කඩිනමින් පියවරක් ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරීන්ට ලිඛිතව දැනුම්දීමට ද පියවර ගත්තා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?