බටහිර රටවල නිල නොවන සේවා පවත්වා ගැනීමට චීන පොලිසියෙන් සැලසුමක් ?

විදේශ රටවල සිටින චීන පලාගියවුන් ලුහුබැඳීම සඳහා විදේශයන්හි ‘සේවා ස්ථාන’ ගණනාවක් පිහිටුවීමට හෝ  රාජ්‍ය තාන්ත්‍රික නොවන මෙහෙයුම් සඳහා එවැනි ස්ථාන  යොදා ගැනීමට චීන පොලිසිය සිදුකරන ‘කුමන්ත්‍රණයක්’ සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු බටහිර රටවල් කිහිපයක් හෙළිදරව් කර තිබෙනවා.

මානව හිමිකම් කණ්ඩායමක් වන සේෆ්ගාර්ඩ් ඩිෆෙන්ඩර්ස් උපුටා දක්වමින් යුරෝපයේ සහ එක්සත් ජනපදයේ මාධ්‍ය වාර්තා කර ඇත්තේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝල උල්ලංඝනය කරමින් රටවල් 53 ක අවම වශයෙන් එවැනි ස්ථාන 102ක් පවතින බවයි.

බටහිර රටවල සිටින චීන අතරමැදියන් හරහා ක්‍රියා කරන චීන පොලිසිය චීන රජයට අවශ්‍ය එහෙත් පළා ගොස් සිටින චීන පුරවැසියන් හඳුනාගෙන ඇති බවට චෝදනා එල්ල වනවා.

ඔවුන් ඒ සඳහා “නැවත පැමිණීමට ඒත්තු ගැන්වීමේ ” ක්වාන්ෆාන් ලෙස හඳුන්වන තාක්‍ෂණයක් භාවිතා කරන බවයි වාර්තා වන්නේ.

එය චීනයේ ඥාතීන්ට බලපෑම් කිරීමේ සිට ඔවුන් ජීවත් වන රටවල සැකකරුවන්ට තර්ජනය කිරීම සඳහා මැරයන් යෙදවීම දක්වා වූ ක්‍රියාමාර්ගයක් ලෙස විහිද පවතිනවා.

ෂී ජින්පින්ග් 2012 වසරේ චීනයේ නායකයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු ක්වන්ෆන් භාවිතය ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අයුතු ලාභ ප්‍රයෝජන ගත් නිලධාරීන් සෙවීමේ ෂී ජින්පින්ග්ගේ මෙහෙයුමත්  සමඟ විදේශගත වූ දූෂිත නිලධාරීන් දහස් ගණනක් සම්බන්ධයෙන් චීන පොලිසිය ඔවුන්ගේ අවධානය යොමු කර තිබෙනවා.

සැකකරුවන් ආපසු ගෙන්වා ගැනීම සඳහා අතරමැදියන් විසින් සැකකරුවන්ට පහර  දී හෝ ගුවන්යානයට යොමු කිරීම විදේශ පොලිසියේ සහාය ලබා ගැනීමට වඩා පහසු යැයි චීන බලධාරීන්ගේ විශ්වාසය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම කණ්ඩායම සිය තොරතුරු පදනම් කර ගන්නේ රජය සතු මාධ්‍ය සහ පළාත් පාලන ආයතනවල වෙබ් අඩවි ඇතුළුව චීනයේ බෙදා හරින ලද වාර්තා මතයි.

මහ නගර සභා තුනක සහ ජියැන්ග්සු, ෂෙජියැන්ග් සහ ෆුජියන් ජන පළාත්වල පොලිසි 2016 සිට විදේශයන්හි සේවා ස්ථාන විවෘත කර ඇති ආකාරය මාධ්‍ය වාර්තා මඟින් විස්තර කර තිබෙනවා.

ලොව පුරා සිටින චීන ජාතිකයන් සිය මව්බිමට ගෙන්වා ගැනීම සඳහා 2014 දී චීනය විසින් දියත් කළ මෙහෙයුම නම් කර තිබුණේ “ෆොක්ස් හන්ට්” ලෙසයි. එය ඔපරේෂන් ස්කයි නෙට් නමින්ද හැඳින්වනු ලබනවා.

වාර්තාවලට අනුව ස්කයි නෙට් මෙහෙයුම මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ මූල්‍ය අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් සොයා ගැනීමයි.

ජියැන්ග්සුහි නගරයක් වන නැන්ටොන්ග්හි පොලිසිය පසුගිය වසරේ ප්‍රකාශ කළේ ඔවුන් විදේශයන්හි පිහිටුවා ඇති ස්ථාන මගින් සැකකරුවන් 80 දෙනෙකු ආපසු ගෙන්වා ගැනීමට උපකාර කර ඇති බවයි.

කෙසේ වෙතත් පලාගොස් සිටි එම පිරිස පදිංචිව සිටියේ කොහේදැයි ඔවුන් පවසා නොමැති බව වාර්තා වනවා.

යුරෝපයේ බෙල්ග්‍රේඩ්, මැඩ්රිඩ් සහ පැරිස් යන ස්ථාන තුනක් සම්බන්ධ කරමින් සැකකරුවන් චීනයට ආපසු යාමට ඒත්තු ගැන්වීමේ ප්‍රයත්නයන් පිළිබඳව  චීනයේ මාධ්‍යවල වාර්තා වාර්තා කර තිබූ කරුණුද ඒ පිළිබඳ සොයන ලද කණ්ඩායම් විසින් සොයා ගැනීමට සමත්ව තිබෙනවා.

බටහිර රටවල් ප්‍රශ්න කරන්නේ මෙම ස්ථාන කෙතරම් නීත්‍යානුකූලද සහ සත්කාරක රටවල නීති කීයක්  ඔවුන් විසින් කඩ කරන්නේද යන්නයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56