බක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූයේ අද වැනි බක් පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන්.

චූලෝදර සහ මහෝදර යන නාරජුන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් සමථයට පත් කිරීම සඳහා බුදු රජාණන්වහන්සේ නාගදීපයට වැඩම කළ බව ශාසන ඉතිහාසයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලෙකුගේ රුව දැකීම සිදුව ඇත්තේ බක් පුර පසළොස්වක පොහෝ දිනකයි.

මෙවර අලුත් අවුරුදු සමය එළඹීමට පෙර දී ඇති බක් පුර පස‍ළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද උදෑසන සිට දිවයිනේ විවිධ වෙහෙර විහාරස්ථානවල ආමිස සහ ප්‍රතිපත්ති පූජා රැසක් සිදු කෙරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්