‍බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ උපදේශකයින් දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

‍බංග්ලාදේශ අන්තර්කාලීන රජයේ උපදේශකයින් දෙදෙනෙක් ඉල්ලා අස් වී තිබෙනවා.

කැබිනට් මණ්ඩලයේ මධ්‍යස්ථභාවය පවත්වා ගැනීම සඳහා මහෆුස් අලාම් සහ අසිෆ් මහමුද් සජීබ් බුයියන් තනතුරුවලින් ඉල්ලා අස්වූ බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

මෙම උපදේශකයින් දෙදෙනා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

ෂෙයික් හසීනාට එරෙහිව 2024 ජූලි නැගිටීමට නායකත්වය දුන් සිසුන් නියෝජනය කරමින් මහෆුස් අලාම් සහ අසිෆ් මහමුද් අන්තර්කාලීන රජයේ උපදේශකයින් ලෙස සේවය කළා.

මහෆුස් තොරතුරු හා විකාශන අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස සේවය කළ අතර, අසිෆ් මහමුද් පළාත් පාලන, ග්‍රාමීය සංවර්ධන සහ සමුපකාර අමාත්‍යාංශයේ මෙන්ම තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශකයෙකු ලෙස සේවය කළා.

මහජන අරගලයකින් 2024 අගෝස්තු 5 වන දින අවාමි ලීග් රජය බිඳ වැටීමෙන් පසු, අගෝස්තු 8 වන දින මහාචාර්ය මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් අන්තර්කාලීන රජයක් පිහිටුවනු ලැබුවා.

මේ වන විට උපදේශක මණ්ඩලයේ ප්‍රධාන උපදේශකවරයා ඇතුළුව සාමාජිකයින් 23 දෙනෙකු සිටිනවා.
ඔවුන්ගෙන් දෙදෙනෙක්, ශිෂ්‍ය නියෝජිතයන්, ඉල්ලා අස් වුණා.

රජය පිහිටුවන විට ශිෂ්‍ය නියෝජිත ලෙස කටයුතු කළ එම්.ඩී. නහීඩ් ඉස්ලාම් පෙබරවාරි 25 වන දින ඉල්ලා අස්වී ජාතික පුරවැසි පක්ෂයේ (NCP) කැඳවුම්කරු බවට පත්විය.

ජූලි මහජන නැගිටීමට නායකත්වය දුන් තරුණයින් විසින් NCP පිහිටුවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39