බංග්ලාදේශ අගමැතිනියගෙන් ඉන්දීය අගමැතිට අඹ තෑග්ගක්

බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ත්‍යාග ලෙස මෙම කාලයට ප්‍රචලිත නැවුම් අඹ යවා ඇති බව ඩකා ට්‍රිබියුන් වෙබ් අඩවිය වාර්තා කරනවා.

සුහදතාවයේ සලකුණක් වශයෙන් බංග්ලාදේශ අගමැතිනිය මීට පෙරද ඉන්දීය ප්‍රභූවරුන්ට අඹ ලබාදී තිබුණා.

ඩකා ට්‍රිබියුන් වාර්තා කළේ ඇය ඉන්දීය ජාතික කොංග්‍රසයේ හිටපු නායිකා සෝනියා ගාන්ධිට සහ අනෙකුත් ප්‍රභූවරුන්ට ද අඹ ලබාදුන් බව ඩකා හි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළ බවයි.

මෙම වසරේ, ඉන්දීය ප්‍රභූන් වෙත යොමුකළ තෑගි කූඩවලට හිම්සාගර් සහ ලන්ග්‍රා ඇතුළු සුප්‍රසිද්ධ අඹ වර්ග ඇතුළත් වූ බවයි වාර්තා වන්නේ.

රසවත්, උසස් තත්ත්වයේ අඹ වගා කිරීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ බංග්ලාදේශයේ රාජ්ෂාහි ප්‍රදේශයයි.

වාසනාවකට මෙන්, ගිම්හානය යනු පෝෂ්‍ය පදාර්ථ ගබඩාවක් ද වැනි පළතුරක් වන අඹ ඉදීමට පටන් ගන්නා කාලය ද වනවා.

නවදිල්ලියේ බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලය විසින් අදාළ සම්භාවනීය පුද්ගලයින්ගේ කාර්යාල වෙත බංග්ලාදේශ අගමැතිනියගේ ත්‍යාග භාරදුන් බව ඩකා ට්‍රිබියුන් වැඩිදුරටත් වාර්තා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18