spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බංග්ලාදේශය ආසියාවේ යොවුන් ශූරයින් ලෙස කිරුළු පළඳියි

වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ආසියානු කුසලානය ජයග්‍රහණය කිරීමට බංග්ලාදේශ කණ්ඩායම මීට සුළු වේලාවකට පෙර සමත් වුණා.

ඒ, ඩුබායි හිදී පැවති අවසන් මහා තරගයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය වයස අවුරුදු 19 පහළ කණ්ඩායම ලකුණු 195කින් පරාජය කරමින්.

අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 08කට රැස්කළ ලකුණු සංඛ්‍යාව 282ක්.

එහිදී බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු අෂිකුර් රහ්මාන් ෂිබ්ලි ලකුණු 129ක් රැස්කළ අතර, චෞදූර් එම්ඩී රිස්වාන් සහ අරිෆුල් ඉස්ලාම් අර්ධ ශතක රැස් කළා.

අනතුරුව ලකුණු 283ක ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි වයස අරාබි එමීර් රාජ්‍ය අවුරුදු 19 පහළ කණ්ඩායමට පන්දුවාර 24යි පන්දු 05 තුළ සියල්ලන් දැවී රැස්කරගත හැකි වුයේ ලකුණු 87ක් පමණයි.

පන්දු යැවීමේ දී මරුෆ් මෘද්ධා සහ රෝහණත් ඩූල්ලා ප්‍රතිවාදී ඉනිමේ කඩුලු තුන බැගින් බිඳ දැමුවා.

ඒ, අනුව 2023 වයස අවුරුදු 19 පහළ ආසියානු කුසලානය එක්දින ක්‍රිකට් තරගාවලිය ජයගන්නට බංග්ලාදේශ යෞවනයින්ට හැකියාව ලැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
9
+1
7
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?