බංග්ලාදේශයේ සරම්ප රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි – ළමා මරණ ඉහළට

බංග්ලාදේශය පුරා දැනට පවතින දරුණු සරම්ප රෝග ව්‍යාප්තිය හේතුවෙන් ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව සහ ළමා මරණ අනුපාතය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.

එරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ දිවයින පුරා සැකකටයුතු සරම්ප රෝගීන් දහස් ගණනක් වාර්තා වෙමින් පවතින බවයි.

විශේෂයෙන්ම අගනුවර වන ඩකා හි ප්‍රධාන රෝහල් වෙත සරම්ප රෝග ලක්ෂණ සහිත ළමයින් විශාල වශයෙන් ඇතුළත් කරමින් පවතී. උණ, ශරීරයේ ඇති වන බිබිලි සහ ශ්වසන අපහසුතා වැනි සරම්ප ආශ්‍රිත සංකූලතා හේතුවෙන් රෝහල් ගත කරන කුඩා දරුවන්ගේ ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින බව වෛද්‍යවරු පවසනවා.

පසුගිය මාස කිහිපය පුරාම රට පුරා ව්‍යාප්ත වූ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා බංග්ලාදේශ සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරත වේ. කෙසේ වෙතත්, ඇතැම් දුරස්ථ ප්‍රදේශවල පවතින ප්‍රතිශක්තිකරණ එන්නත්කරණයේ අඩුපාඩු සහ සෞඛ්‍ය පහසුකම් සීමිත වීම හේතුවෙන් වෛරසය රට පුරා වේගයෙන් පැතිර යාමට මඟ පාදා තිබෙනවා.

රට තුළ පවතින මෙම බරපතල සෞඛ්‍ය තත්ත්වය හමුවේ, වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මවුපියන් වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවත්, රෝග ලක්ෂණ මතු වූ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවත් සෞඛ්‍ය විශේෂඥයෝ දැඩිව අවධාරණය කරති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40